Monday, December 17, 2012

වැස්සෙම ඔෆීසියට


ඔෆීසියට ආවෙම සපත්තු දෙකයි, මේස් දෙකයි ගලවගෙන. උදේ පාන්දරම වැස්සට සපත්තු දෙකම දිය බරියන් වුනා. අම්මගෙන් ඉල්ලා ගෙන ආව කුඩේ යාන්තන් ඔළුව නම් බේරලා දුන්නා.

අද නුවරට එනකොට වෙනදා එන මහරගම බස් එකත් නෑ, රත්නපුරේ බස් එකත් නෑ. නැග්ගා කොළඹ ලංගමයක. ප්‍රයිවෙට් එව්වට ලන්වෙන්නත් බෑ පෝළිම. උදේ මහ පානදර පොළිම්වලත් හිටපන්කෝ. චුට්ටක් පරක්කු වුනත් කමක් නෑ කොහෙත් වහිනවානෙ කියලා නැන්ගා. අයිනක් අල්ල ගත්තා නින්දේ වාඩුව ගන්න ඕනි කියලා හිතාගෙන. කොහේ මේ මගුල් බස් එකේ හරියට වාඩි වෙන්න බෑ. 

කවුරු හරි සත් ගුණවතෙක් සාමාන්‍ය සීට් වල හිටන් යද්දී අල්ල ගන්න තියන පොල්ල අයින් කරලා එතනට කුෂන් එකක් තියන අන්ඩක් පාස්සලා. හොද වැඩේ නම් තමයි. ඒත් ඒ මගුල කුෂන් එකට හේත්තු වෙන්න නම් එක්කෝ අඩි හතර හමාරට වඩා කොට වෙන්න ඕනි, නැත්නම් අඩි හය හමාරකට වඩා උස වෙන්න ඕනි. වාඩිවුනාම බෙල්ල නැමෙනවා ඉස්සරහට. හදපු එකා හදන්න කලින් වාඩිවෙලා බැළුවේ නැද්ද දන්නේ නෑ. අපේ බස් වල සීට් හදන බහුතරෙ ඔහොමනේ. එක්කෝ වාඩිවුනාට පස්සේ කකුල දෙක මොකක්ද වගේ ඈත් කරන්න ඕනි ඉඩ මදි හිනදා. එතකොට එහා පැත්තේ වාඩිවුන එකාට එක තට්ටමයි සීට් එකේ තියා ගන්න වෙන්නේ. කොහොම හරි බස් එකේ සීට එක හදපු මනුස්සයාගේ අම්මටත් එක්ක අද හොදට කිවිසුම් යන්න ඇති. ඒ මදිවට එහා පැත්තේ මනුස්ස්යා වාඩි වුන වෙලේ ඉදන් නිදි. වාඩිවෙලා විනාඩි 3ක් ගියේ නෑ නිදා ගන්න. කෙට්ටු නිසා හොදයි, තකපුඩි දෙන්නෙකුට නම් ඒ සිට එකේ එනවා බොරු. ආය මගක් එද්දී වැස්සපටන් ගත්තා. ඇහැ පියවන් එනකොටම ඇහැරුනේ දකුණේ පැත්තේ අත සීතල වේගෙන ආපු හින්දා. කොරලා තියෙන්නේ. බස් එකේ ජනෙලේ දිගේ වතුර බේරෙනවා, බ්‍රේක් කරන වාරයක් පාසා උරහිසට වතුර බින්දු වැටෙනවා. කුඩේ ඉහලන්ට, නැගිටන් යන්නය ඔන්න ඔහේ හිටියා වාඩිවෙලා. තෙමෙන එකෙන් බේරෙන්නයි, බෙල්ලෙ කැකුම අඩු කර ගන්නයි කරපු සටන හින්දා බහිනකොට ඇග තලා දාල වගේ.

යාන්තන් බැලුම්මහරෙන් බැහැගෙන ඊළග බස් එක ගතතා, බලනකොට නුවර ඉදන්ම ආපු බස් එකක්. යසට වාඩිවෙලා එන්න තිබ්බා. ඒකේ හිටගෙන එද්දී යස ගෑණු දැරිවියෙකුත් හිටියා මට හිටන් හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකෑ වාඩි වෙලා . මම නම් ඇහැක් ඇරලා බැලුවේ නෑ ඕන්. 
යාන්තන් එකෙනුත් බැහැලා, අනිත් බස් එක ගත්තා ඔෆීසිය ගාවට යන්න. ඒ බස් එක ගන්ට යන ගමන් අතර මගදී වැස්ස හුළං වැස්සට දණිස් දේකේ ඉදන් පහළට තෙමුනා. බස් එකෙනුත් බැහැලා ඔෆීසිය ගාවට වැස්සේ පයින් යන්න අම්මරු හින්දා ත්‍රී වීල් එකක් ගන්න යන්න හදනකොටම , ඔෆීසියේ සර්කෙනෙක් හෝන් එකත් ගහලා නතර කරා කාර් එක. දොර ගාව තිබ්බ තඩි වතුර වල මග අරින්න කකුල ඈත් කරපු පාර කලිසමත් ඉරිලා , දවල කන්න යන්න ලන් වෙලා දැක්කේ. හොද වෙලාවට කාටවත් වැඩිය පෙනෙන්නේ නෑ. දන් ඉතින් බොඩිමට ගිහින් ඉදිකටු සෙල්ලම් කරන්න වෙනවා. ආය කලිසන් කියලා මහ ගොඩක් තියනවා කියලය. එපාම කරපු වැඩේ මේ තෙමිච්චි සපත්තු දෙක තමයි.

22 comments:

  1. අදනම් හරි කරදර වැස්සෙන් නේද? ....

    ReplyDelete
  2. අද නම් හලිම ආතොල් දවසක් වගේ.... ඉතිරි ටිකවත් සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටිකට, දැනටමත් අහස කළු කරලා , අයේ යනකොටත් ඔය ටික ඔය විදිහටම විදවන්න එපැයි

      Delete
  3. තවමත් මේ වැස්ස ඉවරයක් නැ නොව.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. මෙහෙටනම් දැන් පින්න විතරයි

      රෑට වැස්සොත්නම් හොදට දොයියන්න පුළුවන්

      Delete
  4. සති අන්තයේ ගෙදර යනවයි කියන්නෙත් මරාලයක්. මම මේ කිලෝ මීටර් 70 ව වත් යන්නෙ නෑ. අපි ඉතින් සෙනසුරාදාත් වැඩ අදින මිනිස්සුනේ..මොකෝ ආණ්ඩුවේ කන්තෝරුවල වගේ 8-5 ත් නෙමේනෙ.

    වැස්සට සපත්තු තෙමුනම මරු නේද ? පහුවදා වෙද්දී එන සුවඳ තමා මරේ මරු වෙන්නෙ...හි හි හී

    මොනා උනත් කමක් නෑ. වැස්ස හන්දා Free Bath එකක් ලැබුනනෙ...අනිත් දවසේ වැස්සෙ එද්දී ෂැම්පු පැකට් එකකුත් අරගෙනම එන්න... :D

    ReplyDelete
    Replies
    1. ඈ බන් 8 - 5 නොවන නිසානේ හොද, තමන්ගේ වැඩ ටික ඉවර කරා, අත පිහදා ගත්තා.
      පුළු පුළු වන් විදිහට ගෙවල් වල ගිහින් අම්ම , තාත්තා බලලා ආවනම ත්මයි හොද, නැත්නම් හැමදාම ඒ මිනිස්සු හූල්ල හූල්ල තමයි ඉන්නේ.

      අම්මගෙන් කුඩේ ඉල්ලන් ආව නිසා නෑවේ නෑ. අනික කොහොමත හවසට නාන එකේ පාන්දරම නාගන්න ඕනී නෑ නොවැ

      Delete
  5. මෙහෙටත් ඔය වගේම තමයි වැස්සනම්
    බොලා බෝඩිමේ ඉඳලත් බස් තුන හතරක ඇවිල්ල තව ත්‍රීවිලුත් ගන්න ඕනද ඔෆීසියට යන්න ..ලඟින් හොයාගන්න එපැයි බෝඩිමක් !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අද සදුදා නොවැ, ගෙදර සිට රස්සාවට වාර්තා කරන දවස

      මෙහෙට හරි වැස්ස,
      එහෙත් එහෙම වෙන්ටැ

      Delete
  6. ඔය සපත්තු සෙල්ලම එපා වෙලා මෙදා පාර මම අපේ මහත්තයට සේල් එකකින් සපත්තු කුට්ටම් දෙකක්ම අරං දුන්නා.. අඩු ගානේ මාරු කරලා හරි දාගෙන යන්න පුලූවන් නේ.. හි හි

    ReplyDelete
    Replies
    1. මාත හැමදාම හිතන් ඉන්නවා කුට්ටම දෙක්ක ගන්න, හැමදාම එකක් අරන් අනික ගන්න යද්දී කලින් එක ගෙවිලා ඉවරයි. මොකද දැන් තියන උලව් සපත්ති මාස තුනකට වඩා දාන්න බෑ නේ

      Delete
  7. හපොයි මදැයි වෙච්චි දේ.කරදර එද්දී අපිටම තමා කරදර එන්නේ නේද සහෝ! ඕක නිකන්ම වේලෙයි එච්චර හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. වේලුනත් නැතැත් ඉතින් හෙට උදේට දාගෙන යන්න එපැයි
      :- )

      Delete
  8. බස් එකේ සීට් එක ගැන කියද්දි මතක් උනේ අපේ ඔපීසියෙ ටොයිලට් එකකට අළුතින් හයි කරපු යූරිනල් ටික. ඒව පාවිච්චි කරන්න එක්කෝ අඩි හයකට වැඩිය උස වෙන්න ඕනි. එහෙම නැත්නං බංකුවක් වගේ එකක් අරගෙන ටොයිලට් යන්න ඕනි. :)

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඔය බාස්ලා වැඩක් කරද්දී චුට්ටක් බලන්නේ නෑ නේ. මාත් මේ ළගදි ගිය ගෙදරක තිබ්බ වැසිකිලියට යන්න වෙනම එක්සයිස් ටිකක් කරලා එන්න ඕනි. ඒ ගෙදර වයසක මිනිස්සු එහෙම ඒකට කොහොම යනවා ඇතිද කියලා තමයි හිතුනේ.

      Delete
  9. අපිටත් ඉතින් වහිනවා නන්ස්ටොප්.. ගමන් බිමන් යන එක තමා එපාම වෙන වැඩේ..
    මොකක්ද කිව්වේ.. එක ඇහැක් ඇරලා බැලුවා...? ;)

    ReplyDelete
    Replies
    1. ඇපෝ නෑ, මේ දැරිවි පෝන් එකත් එක්ක හුරතල් වෙවී ආවේ

      Delete
  10. වැස්සේ තෙතබරියන් වෙලා ඉන්න එකනම් මමත් අකමැති වැඩක් වහිද්දි වාහනේක යන්න මම ආසා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඒ දැන් කෝරලේ මහත්තයා කියල තිබ්බා නේද වැස්සට කැමතියි කියලා

      අම්මෝ මම කැමති වැස්සේ තෙමෙන්න, හැබැයි ඔෆිස් යන අතර මග නෙවෙයි

      Delete
  11. මගෙ කවියෙන් වස් වැදිලා කිසි දෙයක් ලියලා නෑ අවුරුද්දේම!

    ReplyDelete

  12. මගුලක් කරනවද ලියහංකෝ බං

    ReplyDelete