Saturday, December 15, 2012

ලුණුගම්වෙහෙර ජලාශය


මේක නම් කම්මැලි පොස්ට් එකක් ඔන්න මුලින්ම අනතුරු ඇගෙව්වා,
පහුගිය තන්ගල්ලේ ගමනේ ඉතිරි සිදුවීම ගැන බාගෙට ලියලා පුස් කන ලියමන පැත්තකට දාලා මේ පොස්ට් එක දාන්නේ.

පහු ගිය දොහක මගේ ගජයෙකුගේ මගුලක් තිබ්බනේ තිස්සමහාරාමේ, ආයෙත් ගියා ඉතින් පරණ පාරේම. උඩවලව, තණමල්විල හරහා තමයි ගමන ගියේ.

මගදී ආරන්චියක් ආවා ලුණුගම්වෙහෙර ජලාශය පිරිලා වාන් දානවා කියලා. හැරෙව්වා ඒ පැත්තට. ගත්තා පොඩි පොටෝ කෑලි කීපයක්. මේ තියෙන්නේ පිරිලා උතුරන ජලාශය දර්ශන


අපි යනකොට කලින් දවස් ටිකේ වැහැපු වැස්සෙන් පිරිලා තිබ්බෙ ජලාශයේ දොරටු 6ම අඟල් 6 ක ඇරලා තිබ්බා.







 මේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් තියන උස 





.
ඒ වෙලාවෙම ගත්ත වීඩියෝ කෑලි ටිකක්.






12 comments:

  1. ජලාසේ ලගට ගියාවාගේ විස්තර ටික....එල

    ReplyDelete
    Replies
    1. :-D

      ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

      Delete
  2. //මේක නම් කම්මැලි පොස්ට් එකක් //

    එහෙම වේලාසන තමන්ම තමන්ගෙ පෝස්ටුවට නිර්වචන දෙන්න යන එක පාඨක අපට කරනා බලවත් අසාධාරණයක් බැව් කියන්නට කැමතිය.

    ෆොටෝ ටික නම් පංකාදුය...

    ReplyDelete
    Replies
    1. කලින් නිර්වචන නොදී ඉන්නම් ආය.. ස්තූතියි

      (තවත් මේ වගේ පොඩි පින්තූර කතාවකත් තියනවා ඉස්සරහට දාන්න හි හි )

      Delete
  3. අපේ අක්කලත් ඉන්නේ ඔය අහ තමයි :) මරු ආ ...

    ReplyDelete
    Replies
    1. අපරාදේ කලින් දන්නේ නෑ නේ.
      ඔය ටිකේ යද්දී හොදටම හති වැටිලා හිටියේ, දන්නවා නම් කහට එක කටවත් වග කියලා යන්න තිබ්බනේ

      Delete
  4. එකම එක පාරක් කොත්මලේද කොහෙද වාන් දමනවා දැකලා තියෙනවා.එච්චරම තමා. ලස්සන පින්තූර ටික...

    ReplyDelete
    Replies
    1. හැමදාම කොත්මලේ ජලාශේ දිහා බලන් ගෙදර යන මට බැරි වුනානේ ඕක වාන් දාන දවසක ගිහින් බලන්න

      Delete
  5. නියමයි ෆොටෝ ටික. මෙහෙම ඒවත් දාන එක හොඳයි ඉඳ හිට හරි. ඇහැට නිදහසක් එනවා මේ වගේ එකක් දැක්කම. වාන් දොරටු අරින කොට තමයි ලස්සන වැඩි කියන්නේ. පැත්තම වැහෙනවා ලු මීදුමෙන්.
    "ලු" කෑල්ලක් දැම්මේ මාත් දැකල නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ විදිහ එකක දකිනකොටනම් හිතට, ඇහැට හරි සනීපයි.
      මෙතන නම් ලොකු මීදුම් ගතියක් තිබ්බේ නෑ, හැබැයි වික්ටෝරියා වගේ වාන් දානකොටනම ඒ වගේ තියබ්බා මතකයි. ඉස්සර අර ජාතික රූපවාහිනිය පටන් ගන්නකොට දාන ආරම්භක ගීතයේ පෙන්නන්නේ.

      Delete
  6. ලස්සන ෆොටෝ ටික... මට ටිකක් පරණ ලස්සන මතකයක් මතක් උනා... ඒත් දැං මතක් වෙනකොට දුකයි... මාව ඔය වගේ එකක් බලන්න එක්කං ගිය මගේ අයියා නැති වෙලා ලබන 22වෙනිදට අවුරුදු 3ක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ හිරූ කැලැන්ඩර් ගොඩට යට වෙලා කියලා.

      ඇත්තටම දුකයි ඔබේ අයියා ගැන

      Delete