Tuesday, December 4, 2012

දඩුමොණරේ ඉගිල්ලෙන අය සඳහා, ආදරයෙන්....


චුට්ටක් වැඩ වැඩි වුන එකට, කම්මැලි කමත් එකතු වුනාම මේ වටරවුම පැත්තට ගොඩ නොවුන තරම්. හැබැයි ඒවාටත් හරියන්න වෙන බ්ලොග් වලටනම් ගොඩවෙලා, ලියලා තියන දෙයක් කියවලා කොමෙන්ට් එකක් කොටලත් ආවා. හැමදාම ලියන්නම් කියලා හිතලා ඇවිත්, අනිත් අය ලියලා තියන දේ කියවලා ඉවර වෙනකොට ලියන්න වෙලා නැති වෙනවා. අන්තිමට ඒක බාලගිරි දෝසෝ වගේ තමයි. කොහොමින් කොහොමේ හරි ඔන්න අද වෙලාවක් ඉතිරි කරගත්තා මේකටත් පෝස්ට් එකක් දාන්න.

මේක ලියන්න අදහස පහල වුනේ මීට සතියකට කලින්. එදා ගිය සෙනසුරාදා දවසේ ගෙදර ඉන්නකොට පනිවිඩයක් ආවා ඔෆීසියේ අයකුගේ අම්මා නැති වෙලා කියලා. අවසන් කටයුතු සිද්ද වෙන්නේ තංගල්ලේ. චුට්ටක් ආරන්චි කරලා බැලුවම කට්ටිය වෑන් එකක් දාගෙන තිබ්බා ඉරිදා රෑ මල ගෙදර යන්න. සදුදා ආපසු වැඩට එන්න තමයි කට්ටියගේ කල්පනාව. නුවර හිටිය මමත් තව දෙදෙනෙකුත් , ඉරිදා දවල් 1ට විතර නුවරින් පිටවුනේ කොළඹට එන්න. එක් අයකුට අයත් මරුටිය තමයි ගමන් සහය දුන්නේ. ටිකක් වෙලා ගිය නිසත්, හතරට වෑන් එක පිටත් වෙනවා කියු නිසත් අපි ටික වේගේ වැඩි කරලා ආවා. 

අපි පූගොඩ හරිය පහුකරලා අලුතින් කාපට් කරපු, වාහන අඩු පාරේ ආවේ පැයට කිලොමීටර් 80 කට එහා ගිය වේගෙකින්. අපි විතරක් නෙවෙයි ඒ වෙලාවේ පාරේ ගිය හැම වාහනයක්ම ඒ හරිය පහු කරේ ඒ හා සමාන වේගෙකින්. මේ වේගෙන් යන අපිට පිටිපස්සෙන් ආපු යතුරුපැදියක් හෝන් ගහලා , වෙට්ටුවක් දාලා අපිවත් පහුකරන් ඉගිලිලා ගියා. පල්සර් එකක් වගේ මතකය. බයික් එකේ හිටියේ තරුන ජෝඩුවක්. අනිවාර්යෙන් ඔවුන් අපිව පසු කරන්නම් 100 කට ආසන්න වේගෙකින් යන්න ඕනි. අපි එවෙලෙත් කතා කරේ මේ බයික් එකේ වේගේ ගැන . විශේෂයෙනම් තමන්ගේ ආදර වන්තියත් දාගෙන ඉගිලෙන වේගේ ගැන. මොකද බයික් එකක් වගේ වාහනයක යනකොට කුමක් හෝ වුනොත් ඒකෙ පිටිපස්සෙන් යන අයට සිදුවන හානිය වැඩි බව දන්නා කරුනක්. ඒ බයික් එක බොහොම ඉක්මනින්ම අපෙන් ඈත් වුනා. 

අපි පුරුදු ගමන ආවා. හංවැල්ලෙන් තේ එකකුත් බීපු අපි ඉතිරි දුර යන්න පටන් ගත්තා. ටිකක් දුර කොළඹ පැත්තට යනකොට පාරේ වාහන තදබදයක්, ඉස්සරහින් අනතුරක් වෙලා තියන බව ආරන්චියක් ආවා. 
වේගෙන් ආපු බයික් එකක් , ත්‍රීවීලයක වැදිලා, ත්‍රීවිල් එක පෙරලිලා පාර මැද. බයික් එකත් හරහා වැටිලා. සීයට සීයක් විශ්වාස නැතත් ඒ අපිව පහුකර ගෙන ආපු බයික් එක වෙන්න ඕනි. වර්ගය හා පැහැයනම් ඒ වගේ. අපි යනකොට තුවාල කරුවන් රෝහල් වලට අරන් ගිහින්. තුවාල කරුවන්ට අමාරු බව තමයි කියවුනේ.


පාරේ මැද ඔවුන් පැලදාගෙන ආපු හෙල්මට් එක වැටී තිබුනා. එම හෙල්මටයෙන් ඉතිරි වී තිබුනේ ඔළුවේ උඩ කොටස , ආප්පයක මැද වගේ හැඩ තියන කොටසක් විතරයි. ඒකෙන් අනතුරේ තරම හිතා ගන්න පුළුවන්නේ.

අපරික්ෂාකාරී රිය ධාවනය මේකට පැහැදිලි හේතුවක් වෙන්න ඇති. හැබැයි අඩු තරමේ ඔවුන් පැළදි හිස් ආවරන හොද තත්වයේ දෙකක් වුනානම් මේ තරම් අනතුර දරුනු නෝවෙන්න තිබ්බා. අපේ බොහෝ තරුණයන් ලක්ෂ ගානක් දී බයික් එක අරන් , හෙල්මට් එක ගන්න ලෝබ වෙනවා. කීයට හරි හොයා ගන්න පුළුවන් බාල තත්වයක් ඇති හෙල්මට් තමයි හොයන් යන්නේ. මේක මගේ යාළුවෝ කීප දෙනෙකුත් කරා. තව රුපියල් දාහක් හමාරක් වියදම් කරලා තම්න්ගේ හිස බේර ගන්න උත්සහා කරනවානම් බයික් පදින කාටත් වැදගත් වේවි. 

අපේ අයියලා හෙල්මට් දාන්නේ පොලීසියේ දඩයෙන් බේරෙන්න, ඒක නිසා කඩදාසි වලින් වුනත් කමක් නෑ හෙල්මට් එක දාගෙන යන්නේ. ඒත් ඇත්තටම හොද හෙල්මට් එකක් දාගෙන යනවානම් මේ සිදුවන අනතුරු වලින් සිදුවන ජීවිත හානි සෑහෙන ප්‍රමානයක් අඩු කර ගන්න තිබ්බා. මම හිතන විදිහට සම්පූර්ණයෙන්ම මූණ වැහෙන හෙල්මට් එකක් පැලදගෙන යාමත් ඉතා වැදගත්, මේ විදිහේ හෙල්මට් එකක් නිසා ජීව්තය බේර ගත් අයකුත් පහුගිය දිනක මට හමු වුනා. කතාවට කියනවා වගේ ඔහුත් වැටුනට පස්සේ වැදී තියෙන්නේ මූනේ යට කොටස. "හොම්බ" , හැබැයි වෙලාවට සම්පූර්ණ හෙල්මටයක් නිසා ලොකු අනතුරක් නැතිව බේරි තිබ්බා.


මේ ගමනේ ලබපු තවත් අත්දැකීමක් තියනවා, ඒක පස්සට ඉක්මනින්ම කියන්නම්.

යතුරුපැදි භාවිතා කරන ඔබට මට වඩා අත් දැකීම් ඇති, ඒවාත් බෙදා ගන්නවා නම් මේක කියවන කාට හරි ඒකේ වැදගත් කමක් තියේවී

යතුරුපැදි හිස් ආවරන ගැන වැඩි පුර දැන ගන්න ඕනි අය මෙතනට යන්න


26 comments:

  1. ආපෝ බයික් නම් මට පේන් බෑ අප්පා... ඒත් ඉතිං කරුමෙට තියෙන්නෙත් ඒකක් තමයි... හැබැයි හොඳ හෙල්මට් දෙකක් නම් තියෙනවා... ෆුල් ෆේස් හෙල්මට් එකක් අපේ මහත්තයට වත් අරන් දෙන්න ඕනේ.. මං නැති උනාම යන්නේ ‌හොනට් එකේ යනවා කියලා හිතාගෙන..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම හිරුවෝ ඒක කරන්න,

      උඹට කියන්න, මට මේක ලියද්දි බ්ලොග් ලෝකේ මතක් වුනේ මාරයාව, අනික උඹ ව. මාරයානම් උගේ දඩුමොණරේ ගැන අනන්තවත් කියලා තියනවනේ. හිරූ ගේ කලින් පෝස්ට් එකේ තිබ්බානේ බයික් එකේ ගමන කියලා

      Delete
    2. අනික මුදියන්සේ හිරුව බයිසිකලේ යන්නේත් බදාගනනේ. ඒත් වැඩි හරියක් තල්ලු කරන් තමා. බොරුනං වට පිට අයගෙන් අහන්න පාන්දර 2ටත් බයිසිකල් තල්ලු කරනවා. ඒ කතාව මතක් වුණත් ලිංකුව හොයා ගන්න අමාරුයි මේ වෙලාවේ.
      මම සමකය වටේ ලියන නලීන්

      Delete
    3. බදාගෙන යන්න කෙනෙක් ඉන්නවා නම් තවත් ටිකක් සැලකිල්ලෙන් යනවා නම් තමයි හොද
      හිරු ඔය සිංහල වචන ඉගන ගන්නවා කියන්නෙත් ඔය යන ගමන්නේ

      Delete
    4. ඔය ඉතිං... ඒ පාර මගෙ පරණ පෝස්ට් අල්ලගෙන දෙන්න එක්ක නේද.... හි හි..

      Delete
    5. අනේ ඔව්... මොනවා නැතත් අපේ මහත්තයා පරිස්සම් කොර ගන්න මෙයා...

      Delete
  2. කරුමෙට මලේ මගේ බයිසිකල් කටුව 40 න් එහා වැඩ කොරන්නේ නෑ නෙව..

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒ උඹේ ලක් එක වෙන්ට ඇති කොළුවෝ

      Delete
  3. හෙල්මට්, රේන්කෝට වගේ දේවල්, දඩුමොනරේ යන විට පමනක් නොව දඩු මොනරය ගස්සන විටද බොහෝ ප්‍රයෝජනවත්ය ;)

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් උඹලගේ කැත හිත
      :-)
      අනිවා රේන්කෝට් හෙල්මට් හැම වෙලේටම වැදගත් වෙනවා

      Delete
  4. බයික් එකක් අනතුරකට භාජනය උනාම අනිවා වදින්නේ ඔලුව. මාත් අනු නමයෙන් පන බේරාගෙන තියනවා එහෙම අනතුරකින්. ඉතින් ෆුල් ෆේස් හෙල්මට් එකක් තියනව නම් තරමක් හෝ ආරක්ෂා සහිතයි.
    මේ ලඟදි මෙහෙ බයික් එකක් ලොරියක වැදිලා ආපු දෙන්නම එතනම මලා. පස්සහ හිටපු පුද්ගලයා ලොරියේ වින්ඩ්ස්ක්‍රීන් එක කඩාගෙන ලොරිය ඇතුලට විසිවෙලා තිබුන.
    කොහොමත් ජීවිත(අපේ සහ අනුන්ගේ) ගැන හිතල පරිස්සමින් යන එක නුවනට හුරු බව තමා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවු චන්දන,
      පහුගිය දවසක ලාබ ඉන්දියන් බයික් ගැන ලිය වුන ලිපියක් කියෙවුවා, ඒකෙත් තියෙන්නේ බයික් වල තියන අනාරක්ෂිත බව ගැන

      Delete
  5. බයික් එකක් ගන්න හිතන් ඉන්නේ දැන් අවුරුදු දෙකක විතර ඉඳන් ඒත් සල්ලි තමයි ප්‍රශ්නේ.අම්මා අරන් දෙන්නේ නැත්තෙන් ඔය වගේ ඇක්සිඩෙන්ට් වලට බයේ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය සෙතේම තමයි බන්,
      බයික් වානා

      Delete
  6. බොහොම කාලෝචිත පෝස්ටුවක් මුදියන්සේ. ඔය හෙල්මට් කතාව කියද්දි මට මතක් වුනේ කුරුණැගල තියනවා ඉතාම වටින ජපන් හෙල්මට් ඉතාම ලාබෙට. හැබැයි ඒවා ටිකක් පාවිච්චි කරලා. ඒත් පේන්ට් එකක් දාල ගත්තනම් මෙහේ සල්ලිවලින් 20000කට වත් ගන්න බැරි එකක් හදාගන්න හැකියි.ඒවා නියම සුපිරිම බඩු තමා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන් ඒ වාගේ ජාත්‍යාන්තර ප්‍රමිතියකින් තියන හෙල්මට් එකක් පාවිච්චි කරනවා නම් අනතුරකදී වඩාත් ආරක්ෂිතයි

      Delete
    2. තියෙන තැන කියන්නකො නලීන් අයියේ.. අපේ මහත්තයා ඒ පැත්තෙන් යන වෙලාවක ගිහින් බලන්න පුළුවන්...

      Delete
    3. ඔවු නලීන් අයියා, ඒක වැදගත් වෙයි මේක බලන යතුරුපැදි භාවිතා කරන අයට

      Delete
  7. ඇත්ත මචන් දවසක් මන් කෙනෙක්ට කිව්වා ගමනක් යන්න ලැස්ති
    වෙලා ඉද්දි හෙල්මට් එක දාගෙන යන්න කියල..එයා මට කිව්වේ
    " උබට පිස්සුද බන් ______ යද්දී හෙල්මට් දාගෙන යන්න.."
    කියල .කොහොම හරි මාස 6 විතර ගියා, එයා හැප්පුනා .අද ඔලුව
    පාත් කරද්දී නහයෙන් මොලේ ඇතුලේ තියෙන මෙනින්ජි දියර
    එනවා.හොඳ කරන්න බැහැලු ඔපරේෂන් එක වරදියි කියල..
    අද ඉතින් දෙන්නට දෙන්න හම්බෙද්දී දෙන්නටම මතක් වෙනවා
    මුල් සිද්දිය...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපරාදේ තරුණ ජීවිත

      Delete
  8. ඔන්න ඔය නිසා තමා මුදියන්සෙ ගොයියො සිරා කොලුවා ඇන්ටික් බයිසිමොටෝවක් පදින්නෙ... වේගය 40 නැත්නම් 50 යි. මට වෙට්ටු දාලා ඊයේ යන්න හිටිය ගමනක් අද යනවා වගේ යන උන් ගැන වෙලාවකට දුකත් හිතෙනවා...

    සිතන්න යමක් ඉතිරි කල ලිපියක්...

    ReplyDelete
    Replies
    1. සිරා මචන්, මම අද තමයි උඹේ ස්කූටිය ගැන ලිපිය කියෙවූවේ, එවෙලේ ඉදන් තාම මේ ඉන්ටර්නෙට් එකේ ඒ වගේ බයික් හොයනවා විකුනන්න තියන. මම කවදාවත් එහෙම එකක් පැදලත් නෑ බන්, ඒත් උඹේ ලිපිය කියෙවුවම මාර ආසාවක් ආවා ඒ විදිහ එකක අයිති කාරයෙක් වෙන්න.

      Delete
  9. මමනම් හැම වෙලේම වගේ හෙල්මට් දාගෙන යන්නේ. ඒත්... අනේ මන්දා.... මගේ යාලුවෙක්ගෙ කකුල කැපුවා උඩින්ම. ඔහොම තමා ජීවිතේ.

    ReplyDelete
    Replies
    1. ඔවු මචන්, පොඩි අතපසු වීමක් ලොකු දේවල් අහිමි කරනවා

      Delete
  10. සිරාවටම මමත් බයික් වලින් සාහෙන්න් මට්ටුවෙලා තියෙන්නේ චාම්පස් එකේ 1st year එකේදී මම ලංකාවට ආව වෙලාවේ අතකුත් කඩාගෙන තමයි නැවතුනේ. අදටත් මට බයිසිකලේකට නගින්නවත් දෙන්නේ නැහැ. :D

    ReplyDelete