Thursday, October 4, 2012

වැල වරකා කරයි සහ තවත් කතා



පටන් ගත්තා උනත් මේ කම්මැලිකමත් එක්ක බෑනේ මුකුත් කරන්න.
කම්මැලි කම පැත්තකින් තියලා යන්නේ මම මේ වටරවුමේ  පොඩි කයියක් ගහන්න අපේ ලංකාවේ මාර්කටින් ගැන.

ඔය උඩින් දාල තියන එක අපි හුග දෙනෙක් අහලා තියනවා නේ.
"වැල වරකා කරයි " කියලා විකුණන්නේ මොනවද කියලා. අපේ මාතලන් ගොයියත් , ඒතුමාගේ හිට් වුණ "කොමු පිළි" කතා සීරිස් එකේත් ඔය ගැන සදහනක් තිබ්බ මතකයි.

එතකොට "අල බතල කරයි" කියලා විකුණන්නේ ජොක්කු නේ.

ඔය උඩින් කිව්ව කතා දෙකනම් මම කවුරුත් වෙළෙන්දෙක් කියනවා අහලනම් නෑ, හැබැයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ මීට කාලයකට කලින් මම අහපු කාරණයක් මතක් වෙලා.

මෙතන ඉන්න බොහෝ දෙනෙක් නුවර "ටොරින්ටන් වෙළද සංකීර්ණය" ගැන දන්නවා ඇති. නොදන්න අයට ඒක නිකන් පොළක් වගේ තැනක්. කුඩා වෙළොන්දෝ ගොඩක් ඉන්න, ළගින් ගියත් කඩේ ඇතුලට බලෙන් කතා කරලා ගන්න විදිහේ තැනක්. (හැබැයි කොටුවේ තියන කඩ තරම්නම් බරපතල තත්වයක් නෑ). කාලයක් තිස්සේ මේ ටොරින්ටන් එක උඩ තියන කොටසෙත් වෙළද කටයුතු කෙරුනා. ඇත්තටම මේක බංකු ටිකක් දාල, ගස් වවලා එහෙම තියෙන්නේ ටිකක් පාර්ක් එකක් වෙගේ වෙන්න. හැබැයි එතන වැඩිහරියක් හිටියේ වෙළදුන් හා හිඟමන් යදින්නන්. මීට අවුරුද්දකට එක හමාරකට කලින් මේතන හිටිය වෙළදුන්ට ස්ථාන මාරුවක් ලැබුනා නුවර අලුත් වාහන නැවතුම්පොළේ (සිංහළෙන් කිව්වොත් කාර් පාර්ක් එකේ) උඩ කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩට. එතනට බඩුවක් (භාන්ඩයක් - ඇදුම් තමයි තිබ්බේ වැඩි හරියක්) ගන්න යන මිනිස්සුන්ට වෙනමම යන්න ඕනි. ඒක  නිසා වෙළෙදුන්නම් එච්චර කැමැත්තක් තිබ්බේ නෑ මේ වැඩේට. මොකද කලින් වගේ පාරේ යන මිනිස්සුන්ට බලෙන් ඇදුම් ඇඟේ ගහන්න උනේ නැති නිසා.

දැන් මේතන හිටි වෙළෙන්දන්ට ප්‍රස්නයක් ආවා කොහොමද අලුත්තැනට මහජනතාව හුරු කරන්නේ කියලා. එයට ඔවුන් අලුත් පිළියමක් යෙදුවා. 
ඔවුන් එක මනුස්සයෙක් යෙදෙවුවා කලින් ටොරින්ටන් ගේට්ටුව ගාවට. ඔහු ලොකු කුඩයකුත් ඉහලගෙන , ඉස්සර ඉස්කෝල වල ගහන බෙල් එකකුත් ගහමින් මිනිස්සුන්ට අලුත්තැනට යන්න පාර කිව්වා. ඒ වෙනකොටත් ඊ තල වලින් යන මාරගය ලකුණු කරලා තිබ්බේ.

මේ තියෙන්නේ මහනුවර ටොරින්ටන් වෙළද සංකීර්ණය

 ( බෙල් එක ගහමින් හිටියේ හරියටම මේ පින්තුරේ කුඩයක් තියන කණුවට නෙවේ අනිත් ගේට්ටු කණුවට හේත්තු වෙලා, ඔය විදිහම කුඩයක් ඉහලාගෙන.
අනිත් කෑ ගහපු කොල්ලා හිටියේ පින්තූරේ කුඩේ තියන තැන පේමන්ට් එක පැත්තට වෙන්න පහළ තියන කඩ වලට පාර පෙන්වමින් )


ටොරින්ටන් එක ගැන දන්න අය දන්නවා එය මහල් දෙකකින් ( ඇතටම පාර මට්ටමට පහළින් තිබ්බ එක මහලයි, කලින් සිද්දිය සිදුවුන ඒ මහලේ කොන්ක්‍රීට් ස්ලැබ් එකයි ) සමන් විත බව. ටික දවසකින් මේ බෙල් එක ගහන මනුස්සයට ප්‍රතිවාදියෙක් පහළ කඩ හිමියන් විසින් යොදවලා තිබ්බ. අන්න ඒ මනුස්සයා ( ඇත්තටම කොල්ලෙක්,  කලින් බෙල් එක ගහ ගහ හිටියේ සරමක් ඇදගත්ත බුලත් විටක් කාපු මනුස්සයෙක්) මිනිසුන්ට කෑ ගහපු විදිහ කියන්න තමයි මම මේ මෙච්චර මහන්සි වුනේ. එය හරිම සුන්දරයි, ඒ වගේම හරිම ඇට්ට්‍රෑක්ටිව්. මේ කොල්ල කෑ ගහනව මෙහෙම

" ඉහළන්ට කුඩ නෑ, හොල්ලන්ට ටක නෑ- ඒ හින්දා ගණන් නෑ " 

ඇදුමක් ගන්න යන්න හිතෙනවා නේද පින්වතුනි.

ප:ළි - 
මට කතා කීමේ මහ හැකියාවක් නෑ. අඩුපාඩු පෙන්නලා දුනොත් ඉතා සතුටින් බාර ගන්නවා. 
සිංහළෙන් මෙච්චර දිගට ලීවේ සෑහෙන කාලෙකට පස්සෙ ( මතක හැටියට උ/පෙ වළින් පස්සෙමද කොහොද, එතනම අවුරුදු 8 -9 ක්) ඒක නිසා සෑහෙන වැරදි ගණනාවක් ඇති. 

පින්තූරය ඉස්සුවේ -  http://www.nethsaralanka.org/index.php/Kandy---The-World-Heritage-City/Kandy-Torrington-Shopping-Complex

3 comments:

  1. මම අහලා තියෙනවා ඔයිට අමතරව මෙන්න මෙහෙම එකක්..,
    දවසක් මනුස්සයෙක් පාරේ යද්දී එක වෙළෙන්දෙක් මෙන්න මෙහෙම කියනවාලු,

    "අල ගෝණි කරන්න චන්ඩියා මෙල්ල කරන්න
    දඬු ලේනට කූඩුවක්, දඬු ලේනට කූඩුවක්"

    මේ මනුස්සයා ළංවෙලා බැලුවම විකුණන්නේ පිරිමි යට ඇඳුම්ලු.

    තව සමාජය හාරලා බැලුවෝතින් එහෙම මීට අමතරව,

    තණපට වලට = උක්කුංට තොප්පියක්, කුක්කු පෑන්ටි
    පිරීමි යට ඇඳුම් වලට = වවුලා, බෝල මල්ල, සර්ප විමානය

    මේ වගේ සමාන නම් තව අටෝරාසියක් හොයාගන්න පුලුවන් :)

    ReplyDelete
  2. ලීෂ් බොහොම ස්තූතියි මගේ බ්ලොග් එකේ පළමු කොමෙන්ට් එකට සහ පළමු පන්නන්නා වීම ගැන,
    ඒ වගේම ලියමනට එකතු කරපු කරුණු වලටත් තුති

    ReplyDelete
  3. හි හි... ඔය තියෙන්නේ ලැජ්ජාවක් නැතුව අතෑරලා... ඔන්න මාත් මේ පැත්තේ රවුමක් දාලා යන්න ආවා..... මුල ඉඳලම කියවනවා කියලා පටන් ගත්තට හපොයි.. තාම මේ පටන් ගත්තා විතරයිනේ... ගුඩ් ගුඩ් වෙරි වෙරි ගුඩ්.... හි හි

    Settings - Posts & comments = Word verification = NO කරන්ඩෝ.......

    ReplyDelete