Friday, October 26, 2012

හදවතින්ම ශ්‍රී ලාංකිකයි.... !


මට මේ සිද්දිය මතක් උනේ "සයිබර් ලංකා" එකේ මේ කතාව කියෙවුවට පස්සේ.මංජුල තිලකරත්න මහතා සහ මගීන් . ඒක කියවලා එන්නකෝ ඉස්සෙල්ලාම

මේකයි සිද්දිය.

මේ කියවන ඔබලාට මතක ඇති මීට මාස හත අටක ( දිනය මතක නැත, ආ මාර්තු 16 රෑ ( ගූගල් දෙවියන්ට පින්සිදු වේ වා) ) ලංකාවේ කෞතුකාගාරය හොරු බින්ද කියලා. මාසයක් විතර මේ ගැන කතාවුනා. කඩු ගැන කතා වුනා. රූපවාහිනියේ , පත්තරේ මේ ගැන ලොකු ඉඩක් වෙන් වුනා. කවුරු කවුරුත් කතා කරේ මේ ගැනමයි. කන්න ගියත්, බස් එක එනකන් හෝල්ට් එකේ ඉන්න කොටත්, චුට්ටක අනුමත වුන වෙලාවටත් කතා වුනේම මේ ගැන. බේබිලා ගැන කියවුනා, දුටු ගැමුණුලා ගැන කියවුනා. එහෙම තියෙද්දි පැහැරගෙන ගිහින් නිරපරාදේ ගුටි දීපු සිකුරිටිකෙනෙක් ගැන කියවුනා. කැමරා ගැන කියවුනා. ( දැන් ඔබත් මෙහෙම කර තිබෙනවානම් නම් ෂෙයා කරන්න, මූණු පොතෙන් ඇඩ් එකක්). කොටින්ම මේක තමයි ප්‍රධාන මාතෘකාව වුනේ මිනිස්සුන්ගේ.

ඊට පස්සේ සුපුරුදු නිහඩ තාවය. කටු ගෙයක් නෑ ගානටයි ඔක්කොම හිටියේ, ඉදලා හිටලා පොලිස්පති තුමා වගේ කට්ටිය පොඩි ජෝක් එකක් කරා ඇරෙන්න මේ ගැන මතකයක් තිබ්බෙම නෑ. මිනිස්සුන්ට කතා කරන්න ඕන තරම් මාතෘකා හැදුනා. අපේ දෙශපාලක තුමාලට පින් සිද්දවෙන්න කාටවත් කන ගමන් කතා කරන්න මාතෘකාවක් නැති වුනේම නෑ. බස් හෝල්ට් එකේ ඉන්න ගමන් කාගේ හරි රෙදි ගලවන්න පුළුවන් කම තිබ්බා. ඒකත් කොයි තරම වැදගත් ද නේද.

දැන් මම මේ කියන අත්දැකීමට මුහුණ දුන්නේ ඊටත් මාස කීපයකට පස්සේ. මීට මාස එක හමාරකට දෙක්කට කලින් වෙන්න ඇති. ආයෙත් මිනිස්සු කටු ගේ හොරකම ගැන කතා කරන්න පටන් ගත්තා. මොකද කියනවනම් අපේ උතුම් පොලිසීය බඩුත් එක්ක හොරු අල්ලලා. හිතුවා මදි නීතියෙන් ගැලවිලා ඉන්න. දැන් ආයෙත් පට්ට ගහන්න මාතෘකාවක්. ප්‍රවෘත්ති වල දිගට හරහට මේ ගැන කිව්වා. පැයෙන් පැය යන ඒවගේ අලුත් අප්ඩේට්ස් දුන්නා.
මෙන මේ මාතෘකාව ඇවිළිලා තියන උදයක, මම වැඩට යනවා මගේ පුරුදු බස් එකේ. ගාට ගාට යන ගමනක්. මහ ලොකු සෙනගක් ඇත්තෙත් නෑ අඩු තරමේ සීට් ටික පිරෙන්නවත්. මම වාඩිවෙලා හිටියේ පිටිපස්සෙ සීට් එකට කලින් සීට් එකේ. හරියටම කිව්වොත් පෙම් මුල්ලට ඉස්සරහා සීට් එකේ. පෙම් මුල්ලේ හිටියේ ජෝඩුවක්. පෙම් කරාද දන්නේ නෑ, වයසත් තිස් ගණන් වල අග හරියේ වගේ. මේ දෙන්න දිගටම කතාව. මම ඇහුණා නෑහුනා වගේ කතාව, මට ඇහෙනවා වුනාට මම යනවය ආය ඔය දෙන්නෙක් කතා කරන ඒවට කන් දෙන්න.

ඔන්න මහ හයියෙන් සින්දු ගිය රෙඩියෝවේ ප්‍රවෘත්ති සිරස්තල යනවා. පපර පපර පෑ....

"කෞතුකාගාරයට පැන වටිනා කෞතුක භාන්ඩ  හොරකම් කර පුද්ගලයා පොළිසියට කොටුවේ. ඒ පිළිබද වැඩි විස්තර අටට ඇහෙන අපේ උදා ප්‍රවෘත්ති විකාශයෙන්.... බ්ලා බ්ලා බ්ලා...."

මෙන්න පිටිපස්සේ ජොඩුවගේ කතාව වෙනස් වුනා, එක පාරටම එතන හිටිය පිරිමියා ගැහැණියගෙන් අහනවා,

"ඈ...... කටු ගේ බිඳලද.......................?"

හදවතින්ම ශ්‍රී ලාංකිකයකු නොවේද....

පින්තූරය ඉස්සුවේ- 
http://colombogazette.com/wp-content/uploads/2012/04/colombo_national_museum1t1.jpg

14 comments:

  1. එහෙම අයත් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඔහොම අය එක්කෙනෙක් නෙවෙයි බහුතරයක් ඔහොම තමයි

      Delete
  2. අර දුකා ලියලා තිබුණේ... සති දෙකයි මහත්වරුනී... සති දෙකයි......

    හි හි

    ReplyDelete
    Replies
    1. සති දෙකේ කතාව අර ප්‍රභාකනුත් ඒ දවස් වල ෆලෝ කරා කියල කියන්නෙ

      Delete
  3. පස් කන්න හිතෙනව ඕයි ...... :D :D :D

    ReplyDelete
    Replies
    1. හි හි,
      ඔහොම පස් කන්න ගියොත් හැමෝම ගැඩවිලෝ වෙයි

      Delete
  4. මිනිහා අපට වඩා සීයට දෙසීයක් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද?
      මනුස්සයා ලංකාවේ කටු ගෙයක් තියනවා කියලා දැනන් හිටිය එකද

      Delete
  5. කටු ගේ කියන්නේ මොකක්ද? :D

    ReplyDelete
    Replies
    1. ආ...
      ඒක පරණ සොහොන් ගෙයක් නේ

      Delete
  6. කටු ගේ බින්දේ මම නෙවෙයි බොල මුදියන්සයෝ.... මම මේ පැත්තේ මීටකලි ආවා වගේ මතකයි සුවර් එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවා උඹ නෙවෙයි,
      එළ මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා

      Delete
  7. ???
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙත් ගොඩ වුනෙමි, මේ පැත්තට ආවට තුති

      Delete