අදත් වෙනදා වගේම කාර්යාලයට එන්න බස් එකට නැගලා වම් අත පැත්තේ සීට් එකක් කොණටවෙන්න වාඩි වුණේ, පැයකට ආසන්න ගමන නිවී සැනසිල්ලේ යන්න. මොර දෙන බස් එකේ රේඩියොවත් හිසරදයක් උනත් ඒ ගැන නොසිතා ජනේලෙන් එළිය බලන් ආවේ නිකමට වගේ, කොහොමත් සතියට දවස් පහක් යන පාරේ ආය අමුතුවෙන් බලන්න දෙයක් ඇත්තෙත් නෑ.
කොහොමත් කොට කොට යන බස් එක එක තැනකදී බස් හෝල්ට් එකකදී නතර කෙරුවා. එතන පාර අයිනේ පොඩි ගෙදරක්, මිදුලේ නිල් පාට ත්‍රී වීල් එකක්. ඊයේ වැස්සට අහුවෙලාද කොහෙද උදේ පාන්දරම ත්‍රී වීල් එක හෝදනවා. සරමත් කැහැපට ගහ ගත්ත, උඩු කය නිරුවත් මනුස්සයෙක්. රියදුරු ආසනය ගාව තෙත බරිත පාට පාට රෙද්දි කෑල්ලක් තියනවා. බස් එක අද්දනකොටම ත්‍රී වීල් එක හෝදමින් හිටි මනුස්සයා, අර රෙදි කෑල්ල අරගෙන චුට්ටක් දිග ඇරලා, වැඩි වතුර මිරිකලා අයෙත් ත්‍රී වීල් එක පිහදන්න ගත්තා. එතකොටම තමයි මම මේ අදුනා ගත්තේ මොකද්ද කියලා, " බෞද්ධ කොඩියක්".
මොහු ත්‍රී වීල් එක පිහ දාන්නේ මේ ෂඩ් වර්ණ බෞද්ධ කොඩියෙන්. හිතට මහ අමුතු හැගීමක් ආවේ ඒක් දකිනකොට.
ඒ පුද්ගලයා පෙනුමෙන් සිංහල වගේ, ආගම නම් කුමක්ද් දන්නේ නෑ. ඒත් ඒ අපේ කම කියන සංකේතයක්.
පහුගිය දවස් වලදීත මූණ පොතේ අපේ ජාතික කොඩිය රෙද්ද වගේ ඇදගෙන ඉන්න ක්‍රිකට් උම්මත්තිකාවකගේ චායාරූපයක් හුවමාරු වුනා.
මට අහම්බෙන් වගේ මීට අවුරුදු ගානකට කලින් ලංකාවේ ජාතික කොඩිය සම්බන්දයෙන් ඇති ව්‍යවස්තාවක් කියවන්න ලැබුනා, ඒකේ මේ කොඩිය පරිහරණය කිරීම ගැන ඡේද කීපයක් තිබ්බ මතකයි. ඒ අනුවනම් අපි දකින බොහෝ දේ වැරදියි. ජාතික කොඩිය ඇදුම්ක ලෙස භාවිතය, නියමිත සමානුපාතියට නොමැතිව තිබීම,සෘජුකොණාස්ස්රාකාර හැඩය ඇර වෙනත් හැඩ , කොඩිය භාවිත කරන උස සහ තවත් බොහෝ දේ එහි තිබ්බ මතකයි.
මේවා පොතට පමණක් සීමා නොවී ජාතික කොඩිය හා බෞද්ධ කොඩිය දුර් භාවිතය පිළිබද නීති ඉදිරියේදි වත් ක්‍රියාත්මක විය යුතුයි,
හැබැයි මේ වැඩ පිළිවල ආරම්භ කරන විදිය ගැන නම් ප්‍රස්ණයක් නැත්තේ නැහැ,
ඇමරිකාවේ නම් මේ ජාතික කොඩිය ඇදුමක් ලෙස භාවිතා කිරීමට තහනමක් නෑ කියලා තමයි අහලා තියෙන්නේ, ( 100 % විශ්වාස නෑ , කවුරු හරි මා වැරදිනම් නිවරදි කරන්න )
දැන්ම ප්‍රතිකර්මයක් නොයෙදුවොත් තව කාලයක් යනකොට ලංකාවේ කොඩියටත් වෙන්නේ මේ සැන්තෑසියම තමයි.
පින්තූර ඉස්සුවේ -
http://www.sundaytimes.lk/120429/images/cafe-1.jpg
http://srilankaxnews.com/images/MR_satakaya.jpg
ඔය කොඩි සම්බන්ධ නීති වෙනස් කරන්න ඕනි.....අපේ රට නියෝජයනව වෙනවා නං ඒක කොහේ ගහගත්තාම මොකද කැප් එකේ තිබුනත් ඇමරිකන් කොඩිය අමරිකාව ප්‍රොමෝට් වෙනවා නේ....
ReplyDeleteඑකනේ... කොහොමද රූ රැජිණ තරඟෙට නාන ඇඳුම ජාතික කොඩියෙන් මහගෙන ඇන්දොත්... මාර ප්‍රොමොටින් එකක් හම්බුවනවනේ...
Deleteඅනිවාර්යෙන් හිරූ, මම හිතන්නේ ජාතික කොඩිය කියන්නේ ප්‍රොමෝශන් ටූල් එකක් නෙවෙයි, ඒක සන්කේතයක්. ප්රචාරයට ගන්න පුළුවන් තමයි. ඒත් මොකද්ද ඒකෙන් ඇති ඵලේ, පුචාරනයට ඕනි නම් කොයි තරම් දේවල් තියනවද
Deleteකොඩි පාවිච්චි කළ යුතු තැන් ගැන නිති රිති ටිකක් තියෙනවනේ... තරඟෙකට සහභාගී වෙච්ච ක්‍රීඩකයෙක් ක්‍රිඩිකාවක් අතට දුන්න කොඩිය ටික වෙලාවකින් මහන්සියට කරවටේ දාගන්න ඒකේ නම් වරැද්දක් නෑ
ReplyDeleteඒත් ඇමරිකානු කොඩිය පාවිච්චි කරන විදියට අපේ කොඩිය පාවිච්චි කරන්න ඕනේ කියනවා නම් ඒක විකාර කතාවක්... පාට පාවිච්චි කලාට කොඩිය කොඩියක් විදියට තියෙන්න ඕනේ... ඔය ලොක්කගේ කර වටේ දාන සාටකේට ආදේශකයක් නෙවෙයිනේ බෞද්ධ කොඩිය... ඔතන හිටපු හාමුදුරුවරුන්ට තමයි මොළයක් නැත්තේ... හැබැයි ඉතිං කඩේ යන්න ගත්තාම ඕවා මතක් වෙනවායෑ සංඝනායකලාට... හි හි....
කොඩියක් කියන්නේ ජාතික සංකේතයක්.... ඒක පාවිච්චියට යම්කිසි නීති රීති ටිකක් තියෙන්නම ඕනෙ....
// කොඩියක් කියන්නේ ජාතික සංකේතයක්.... ඒක පාවිච්චියට යම්කිසි නීති රීති ටිකක් තියෙන්නම ඕනෙ//
Deleteඑහෙම නීති ටිකක් නෙවෙයි ගොඩක් තියනවා, ඒත් ක්‍රියාත්මක වීම තමයි නොවන්නේ
රටට ඇති ගෞරවය භක්තිය තියෙන්න ඕන හිතේ! ඔය ඇමරිකන් කොඩිය බිකිනියට ගහං ඉන්න උනුත් උන්ගේ රටට ආදරේ ඇති ජාතික කොඩියට ගෞරව කරන්න ඕනැයි කිය කිය කෑ ගහන අපිට වඩා!
ReplyDeleteසබිත් ඒක එහෙම වෙන්න පුළුවන් , ඒත මම අපේ සිංහ කොඩියෙන් ජොකෙක් ගහගෙන "ලංකාවට මම ආදරෙයි " කියන එකයි , මම ජාතික ඇදුම ඇදගෙන, කොඩියක් අතට අරගෙන ඒක කියන එකෙයි වෙනසක් තියනවනේ
Deleteමගේ අදහස නම් මචං නිතී රීතී පැනවීමෙන් ජාතික කොඩියේ දුර්භාවිතාවන් සීමා කරගන්නට හැකි වුණත් ඒවා නිර්ව්‍යාජ පෙළඹවීම් නොවෙන බවයි. ඒ වෙනුවට කරන්න ඕනේ ලාහෙට මනින්න තරම් පොකුරු ගැහිලා ඉන්න දේශප්‍රෙමීන්ගේ ජාතිකානුරාගය ටික ටික හරි ණයට අරගෙන පොදුජනතාවට එන්නත් කරන එකයි. ඒත් ඉතින් උන් ළග තියෙන්නෙත් බොරු ජාතිකානුරාගෙයි කියලා කවුද නොදන්නේ?
ReplyDeleteඔවු, ලංකාවේ බහුතරයකගේ (ලොකු පුටුවල ඉන්න ) තියෙන්නේ පත්තරේ නම ලොකුවට දාගනකන් තියන ජාතිකානුරාගයක්,
Deleteලොකු ලොක්කොම කොඩිය පොරවගද්දී පොඩ්ඩෝ ගැන කවර කතාද? :)
ReplyDeleteනීති දාලා අල්ලන්න කියන්න කියලද
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආගමේ කොඩියට සලකන්න දන්නේ නැති උන් කොයි තරම් ලොකු තැනක හිටියත් පිරිහෙනවා රටේ රජාටත් ඒක පොදු දෙයක්
ReplyDeleteඅනිවාර්යෙන් කෝරළේ, මුන්ට තමන්ගේ ආගමනේද කියලා හිතෙන්නේ නැති හැටි
Deleteමේ දේවල් ගැන ඇත්තටම තව මිනිස්සු හිතන්න ඕන
ReplyDeleteහිතන්න වගේම දැනෙන්න ඕනී...
Delete