Tuesday, October 16, 2012

සන්ණාලිය නංගා දෙස නොබලන් වපරැසකින්...!



අම්මා බදු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්, 
එම සන්ණාලිය නංගා දෙස නොබලන් වපරැසකින්...!


ලියන්න මාතෘකානම් කීපයක් තිබුනත් තියන රාජකාරිත් , වැඩිමනත් තියන කම්මැලි කමත් හමුවේ ලිවීම නම් දිනෙන් දින පස්සට යනවා.
ඒ අතරේ මම රූපවාහිනියේ කීප වරක් දැක ඇති, ඉතා ආසා කරන ගීතයක් ජංජාලේ කරක් ගහද්දී මුලිච්චි වුනා.
මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචිත, වික්ටර් රත්නායක ගායන ශිල්පියානන් ගායනා කරන ගීතයක්.
සමාජයෙන් කුඩම්මාගේ සැලකිලි ලබන අපේ සන්ණාලි නංගිලා ගැන රචිත අපූරු ගීතයක්, අපුරු පද මාලාවක්. මේ "ගාමන්ට් කෑලී" කියලා දෙකයි පණහේ තත්වයට දාලා කතා කරන මේ දිරිය ලදුන්ට පිං සිද්ද වෙන්න ලංකාවත් ටිකක් හිස කෙළින් තබන් ඉන්නවා. මොවුන් ගැන ලියැවුණ ලිපි බොහෝ ඇති නිසා දැන් මේ ගීතය රස විදින්න.

ඔබට මේ රූප රචනය ගැනත් අනිවාර්යෙන් යමක් කියන්න ඇති, මටනම් මෙය කොතෙක් බැලුවත් ඇති නොවන රූප රචනයක්.


මගේ ගානේ මේ තවත් සන්ණාලි නැගණියන් ගැන කියවුන සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ගීතයක් 



4 comments:

  1. ඒ මිනිස්සු හම්බ කරන දේ බෙදාගෙන අපේ සංවර්ධනය අපි මැන ගත්තට මොකද ඒ අයට ඒ වෙනුවෙන් තුට්ටුවක වටිනාකමක් දෙන්නේ නෑ. මේක වෙනස් කරන්න මේ හඩ ප්‍රමාණවත් නැතත් කතා කළ එක නම් වටිනවා.
    නමුත් මේ සන්නාලියන් සන්නාසියන්ට ගොදුරු වීමත් ලිංගික සේවයට යොමු වීමත් නිසා මේ කාරණාව ගැන ලේසියට කතා කරලා ඉවර කරන්න බෑ.

    සුබ ගමන්!

    ReplyDelete
    Replies
    1. ඔව් පියුමි, මට මෙය ටිකක් දැනෙනවා වැඩි, මාත් වැඩ කරන ආයතනයේ මා ආකාරයේම පිරිසක් ඉන්න නිසා, සමහර පොඩි කෙල්ලෝ දකිද්දිනම් පවු කියලා හිතෙනවා ඔවුන් කන කට්ට දන්න නිසා. ඔවුන්ගේ තරුන ජීවීතේ මේ මැෂින් එක්ක ගෙවිලා යන එක නම් ඇත්තටම පාපයක්

      මේ පැත්තට ආවට තුති

      Delete
  2. ආසම සින්දුවක්.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා රජෝ, ලස්සන සිංදු දෙකක්, මුලින් ඇති සිංදුවේ රූප රචනය සුපිරි මට්ටමක තියනවා

      මේ පැත්තට ආවට තුති

      Delete