කලින් පෝස්ටුව "වැල වරකා කරයි හා තවත් කතා" ලියැවෙන කොටම මේ ටොරින්ටන් ඒකෙ උන පොඩි සිදුවීමක් මතක් වුනා.
මීට අවුරුදු කීපයකට කලින් දවසක මගේ ගජයෙක් වුන බංඩට ගන්න ඕනි වුනා කලිසමක්. ගෙදෙට්ට වෙලා ඔහේ ගත කරන කාලේ නිසා යාළුවෙක් ඇදුමක් ගන්න එකත් දවසම ගත කරන්න හොද හේතුවක්. මටත් ආරධනා ලැබුනා මේ කලිසමක් තේරිමේ මහත් බැරෑරුම් සංග්රාමයට එකතු වෙන්න.
කොහොමත් සල්ලි භාගේ අතේ ගැවසුනේ නැති , ගෙදරින් යැපෙන කොල්ලෝ වුන අපි අපේ සංග්රාමය පටන් ගත්තේ ටොරින්ග්ටන් එකෙන්. මම කලින් පෝස්ට් එකේ කිවුවා වගේ මේ ටොරින්ටන් උඩ තට්ටුවේ බිම ගොඩ ගහගත්ත ඇදුම් බොහොම ලාභෙට විකිණෙනවා. අපිත් හොස්ස දැම්ම මේ පැත්තට. වෙළදුන් දෙතුන් දෙනෙක් ගාවට ගිය බංඩා එක වෙළෙන්දෙක් ගේ ගාව නැවතිලා කලිසමක් අතට ගත්තා. කලිසම කාකි පාට කලිසමක් (ඔව් ඔව් අපේ පොලිස් මාමලා අදින පාට.)
බංඩා - අයියා මේ කලිසම කීයද?
කඩේ අයියා - ආ ගන්න මල්ලී ඕක@#* (ගානක් කිව්වා)
මම- ඒයි උඹ ඕක ගන්නද යන්නේ , ඈ යකෝ ඕක නිකන් පොලිසියෙන් උස්සපු කලිසමක් වගේනේ ( මූ මාව එක්කරගෙන ආවෙත් ඔය වැඩේටනේ)
බංඩා - ඒක තමා නේද බන්, හරි නෑ නේද
දැන් තමන්ගේ වෙළදාම කැඩුන එකට කඩේ අයියට (කඩේ කිව්වට , පේමන්ට් එකේ රෙදි ගොඩ ගහන් ඉන්න ) තද වුනා.
මම බංඩට පෙන්නුව තව ක්රීම් පාට කලිසමක්, මචන් බලපන් අරක හොදයිද කියලා.
මල පැනලා හිටි කඩේ අයියා ගත් කටටම කියපි
"ආ මල්ලි ඒක ජම්පරයක් වගේ , ඒක හරියන්නෙත් නෑ "
එන පොට හොද නෑ වගේ, ගුටි සුවද දැනෙන්න පටන් ගත්ත, අපි දෙන්න සුටුස් ගාලා එතනින් මාරු වුනා.
පින්තූරය ඉස්සුවේ - http://www.sundayobserver.lk/2011/12/25/fea04.asp
හපෝයි... ඔය පේමන්ට් වෙළෙන්දෝ නම් හරිම භයානකයි...... නැවතිලා බලලා මොනා හරි අරගන්නේ නැතුව එන්න හැදුවොත් කුණු හරුප කෝටියයි... හි හි
ReplyDeleteSettings - Posts & comments = Word verification = NO කරන්ඩෝ.......
ඔන්න මුදියන්සේ මාත් ආවා.
ReplyDeleteඔය පිටකොටුව පැත්තේ පේමන්ට් එකේ ඉන්න අයට නම් මල පනිනවා බං. ගන්නවා නම් ගනින් නැත්තන් පලයන් ගානට තමයි උන්ගේ වැඩ. යනකොට ලස්සනට කතා කරනවා. වැඩේ නොකෙරෙන විදිහක් උනොත් අහ ගත්ත හැකි ලස්සනට.