Wednesday, October 3, 2012

වටරවුමේ පළමු හමුවීම


ම්.. ම්.. ම්...
පටන් ගන්න ගියපු කාලයක්,
මම මේ බ්ලොග් කියවිල්ල පටන් ගෙන සෑහෙන කාලයක් වෙන්න ඕනි. ම්ම හිතන්නේ 2009 අවුරුද්දේ විතර ඉදගෙන. කලින් පාවිච්චි කලේ වෙන නමක්. ඒත් මේ ළගකදී ඒ නම වෙනස් කරලා මේ "මුදියන්සේ" කියන නමට බැස්සා, ඒක එක අතකින් මට පරම්පරාවෙන් උරුම වුනු නමේම කොටසක්.

මේ දිනවල බරපතල වැඩ අහේනියක් මුහුණ දීලා ඉන්නේ, වස කම්මැලියි. ඒත් හිතටනම් නිවනක් නෑ, යකා ගේ කම්මල වගේ. හරි හිස් බවක් දැනෙන්නේ. හිස් කමට කෙල්ලෙක්ගේ සම්මබන්දයක් තියනවද කියලා අහන්න ඕනි නෑ, අනිවාර්යෙන්ම සම්බන්ධයි. උදේ ඉදන් බ්ලොග් කියවන ඒක තමයි මේ දවස් වල කරන්නේ. පරණ පොස්ට් හොය හොය කියවනවා. කාගේ හරි බ්ලොග් රෝළක එල්ලලා තියන බ්ලොග් හොය හොය යනවා කිය්වන්න. මේක කොටන්න ගත්තෙත් එහෙම හොයලාකියවන්න දෙයක් නැති කමට ඇති වුන පාලුව මකා ගන්න.  මට මතක විදිහට මම මේ "වට රවුම" කියන නම තෝරාගෙන තීම් එකක් හොරකන් කරගෙන මේ වැඩේට ලැහැස්ති වුනේ අවුරුදු දෙකකට විතර කලින්. පේනවනේ පෝස්ට් එකක් දාන්න ගියපු කාලය. මම කලින් කරගෙන ගිය බ්ලොග් එකත් පෝස්ට් 25 කින් නතර වෙළා, අන්තිම එක දාල තියෙන්නේ 2010 අවුරුද්දේ දවසක. හිතනවා මේකවත් කරගෙන යන්න දිගටම.
බලමු, ඔබලාගේ සහයෝගය ඕනි වෙයි මේ වැඩෙට. ඔබගේ කොමෙන්ට් එකක් මාව දිරිමත් කරාවි ඉදිරියට කරගෙන යන්න.
එහෙනම් යාළුවනේ අපි එදිරියට මේ වටරවුමෙත් නතර වෙලා බළමු.

5 comments:

  1. ලියන්නකෝ අපි බලමු ඊට පස්සේ.., පටන් ගැනීමත් එක්ක නොකඩවා පවත්වා ගැනීම තමා වැදගත් වෙන්නේ..!
    එහෙනම්
    ජය වේවා..!

    ReplyDelete
  2. ලිෂාන් බොහොම ස්තූති මේ ඔබ දුන් දිරියට,
    උත්සහ කරන්නම් දිගටම ලියන්න

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලියපන් කොල්ලෝ ඇට්ටි හැලෙන්න......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මේ පැත්තේ ආවට,
      ලියනවා ලියනවා කොහෙද මේ ටයිප් කරන්න තියන කම්මැලිකම මකා ගන්න ඕනි ඉස්සෙලම

      Delete